මුදල් කාරක සභාවේ සභාපති ධූරය ගැන විපක්ෂය ප්‍රශ්න කරයි

Share

මුදල් කාරක සභාවේ සභාපති ධූරය සම්බන්ධයෙන් විපක්ෂය අද යළිත් වරක් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.

ජනාධිපතිවරයා එම සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා වෙත ලබා දීමට එකඟතාවය පළකලද රජයේ පාර්ශවයෙන් එම පත්කිරීම ප්‍රමාද කරන්නේ ඇයිද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළා.

ජනාධිපතිවරයා එකඟ වුවද අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ යම් විරෝධත්වයක් මත මෙම පත් කිරීම කල් ගිය බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී ප්‍රකාශ කළේ.

Read more

Local News