ගම්පහ ඩෙංගු පරීක්ෂාවට ඩ්‍රෝන තාක්ෂණය

Share

ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශයන්හි හඳුනාගෙන ඇති ස්ථානවල ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම අද (25) පෙරවරුවේ ගම්පහ නගරයේදී ආරම්භ කෙරිණි.

නිරීක්ෂණ ඩ්‍රෝන කැමරා මගින් ඉහළ ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම ප්‍රථමයෙන් සිදු කරන අතර පසුව කීට නාශක යෙදීම සිදු කරනු ඇත.

මෙහිදී ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති සමන් දර්ශන පාඬිකෝරාල මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ, සෞඛ්‍ය අංශ, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ අංශ මගින් පසුගිය කාලය තුළ ගනු ලැබූ ක්‍රියා මාර්ගයන් හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය 50%කින් පමණ අඩු වී ඇති බවයි.

Read more

Local News