ලොරි රථයක දොර ගැලවී යාමෙන් දරුවෙක් මරුට

Share

බාල සහෝදරයා සමග පාපැදි පදිමින් සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්වීමෙන් මියගොස් තිබෙනවා.

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථයට ඉදිරිපස දොර ගැලවී දරුවාගේ පපු ප්‍රදේශයේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව හබරලගහලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකි.

අනතුරෙන් පසු රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම දරුවා ඊයේ මියගොස් තිබුණා.

Read more

Local News