ලෝක ජනගහනයෙන් 10% ක් හැම රාත්‍රියකම කුසගින්නේ නින්දට

Share

ලෝක කුසගිනි දිනය මැයි 28 දිනට යෙදී තිබෙනවා.

එම දිනය නම් කර ඇත්තේ ලෝක සාගිනි මට්ටම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ සහ ලාභ නොලබන ආයතනයක් වූ The hunger project ආයතනයයි.

මේ වන විට ලෝක සාගිනි දර්ශකයේ මට්ටම ඉහළ යමින් තිබෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පවසනවා.

ලෝක ජනගහනයෙන් මිලියන 828ක ජනගහනයක් එහෙමත් නැත්නම් ලෝක ජනගහනයෙන් 10% ක් හැම රාත්‍රියකම කුසගින්නේ නින්දට යන බවයි එම සංවිධානය පවසන්නේ.

එම සංඛ්‍යාව පෙර වසරවලට වඩා මිලියන 46 කින් වැඩි වී ඇති බවද වාර්තා වනවා.

කුසගින්නෙන් පීඩාවට පත් වූවන්ගෙන් තුනෙන් දෙකක් ම කාන්තාවන් බව වාර්තා වනවා.

කුසගින්න සඳහා හේතු කිහිපයක් බලපාන බවද වාර්තා වනවා.

දේශගුණික විපර්යාස, ආර්ථික ගැටලු, විවිධ වසංගත සහ ආහාර මිල ඉහළ යාම ඇතුලු හේතු කිහිපයක්ම ඊට ඇතුලත් බවයි වාර්තා වන්නේ.

Read more

Local News