සේනා දළඹුවාට සමාන දළඹු විශේෂයක් ආනමඩුව ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
සතියකට ආසන්න කාලයක සිට මෙම දළඹු විශේෂය කුඹුරු යායේ මසකට ආසන්න වයස ඇති ගොයම සම්පුර්ණයෙන් වනසා ඇති බවයි වාර්තා වන්නේ.
කුඹුරු යාය ආක්‍රමණය කර ඇති මෙම දළඹු විශේෂය පසුගිය කාලයේ මහත් ආන්දෝලනාත්මක විනාශයක් කරමින් බඩ ඉරිඟු වැනි වගාවන් වැනසූ සේනා දළඹුවාට සමාන දළඹුවෙකු බවයි ගොවීන් පවසන්නේ.
මේ දළඹු උවදුර නිසා සිය වගාවන්වලට හානි සිදුව ඇති බවයි ගොවිජනතාව පවසන්නේ.