උඩ යන්න කළින් බර බලන නීතියක් නවසීලන්තයෙන්

Share

නවසීලන්ත ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එරට ගුවන් සේවය භාවිත කරන මගීන්ගේ බර පරික්ෂා කිරීම අනිවාර්ය බවයි ඔවුන් පවසන්නේ.

නවසීලන්ත ගුවන් සමාගම සිදුකරන ජාත්‍යන්තර ගුවන් ගමන් භාවිතා කරන මගීන් ගුවන් යානයට ඇතුලු වීමට ප්‍රථමයෙන් ශරීරයේ බර ප්‍රකාශයට පත්කළ යුතුයි.

ඒ හරහා ගුවන් යානයේ ඉන්ධන භාවිතය කාර්යක්ෂම කිරීම අරමුණ බවයි ඔවුන් පවසන්නේ.

මෙලෙස ලබා ගන්නා දත්ත කිසිදු පාර්ශවයකට නිරාවරණය වන්නේ නැති බවත් ගුවන් සමාගම අවධාරණය කරයි.

ශරීරයේ බර පරික්ෂා කිරීම නවසීලන්ත ගුවන් සමාගම සිදුකරන පළමු අවස්ථාව මෙය වන්නේ නැති අතර 2021 වසරේදී ද මගීන්ගේ බර පරික්ෂා කිරීම සිදුකර තිබෙනවා.

Read more

Local News