ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වීම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක්ව සිම්බාබ්වේ වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඩිල්ශාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ ජූනි 23 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.
ඔවුන් යවනු ලබන්නේ ‘standby options’ හෙවත් යම් නිත්‍ය ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුවහොත් කණ්ඩායමට එක්කිරීමට බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.