රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද (28) මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුනි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මේ බව තහවුරු කරමින් මෝසමක් අධිකරණය හමුවේ ගොනුකළේය.
අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණයකට යටත්ව වයස අවුරුදු 63 දක්වා රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ට සේවා කාලය දීර්ඝ වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය මෝසම මඟින් සඳහන් කර තිබේ.