ශ්‍රී ලංකාවේ සී ෂෙල්ස් මහකොමසාරිස් Lalatiana Accouchee හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල අතර සුහද හමුවක් ඊයේ (04) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.
එහිදී දෙරටේ වත්මන් ආර්ථික තත්ත්වය, සෞඛ්‍ය තත්වය ආදී කරුණු රැසක් පිළිබඳ අදහස් හුවමාරු විය. සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය වූ සී ෂෙල්ස් රාජ්‍යයද අනෙක් සියලු රටවල් මෙන්ම කොවිඩ් වසංගතය හමුවේ විශාල පසුබෑමකට ලක්වූ බවත් මහ කොමසාරිස්වරිය පැවසුවාය.
95,000ක තරම් කුඩා ජනගහනයක් ජීවත්වන සී ෂෙල්ස් රාජ්‍යයේ 2000ක් පමණ ශ්‍රී ලාංකිකයින් වෙසෙන බවත් ඇය පැවසුවාය.