මාස 04 ක දරුවෙකු හදිසියේ මිය යයි – එන්නතක සංකූලතා දැයි සැක

Share

එන්නතක් ලබා දීමෙන් අනතුරුව ඇති වු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳෙකු මිය ගොස් තිබෙනවා.

බිළිඳා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

වයස මාස 04 සම්පූර්ණ වීමෙන් පසු ලබා දෙන එන්නතක් මෙම දරුවාට එන්නත් කර ඇති බව සඳහන්.

බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර එහි ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නැහැ.

මේ අතර ඖෂධ සංකූලතා මත සිදු වු බව කියන මරණ පිළිබඳව සොයා බැලීමට අද පංච පුද්ගල කමිටුවක් නම් කිරීමට නියමිතයි.

ඇමතිගේ කමිටුවලින් වැඩක් නැති බවත්, ජනපති මීට මැදිහත් විය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Read more

Local News