මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපන් ආධාර වැඩසටහනේ 4වන කාල රාමුව යටතේ ජපන් යෙන් මිලියන 284ක් ලබාදීමට ජපන් රජයේ එකඟතාව හිමි ව තිබෙනවා.
ඊට අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා ඊයේ (18) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළා.




