අඟුරුවාතොට පොලිස් වසමේ සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ සැකකරු අද (22) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරකාගොඩ පොලිස් වසමේ පදිංචිව සිටින පුද්ගලයෙකුයි මෙලෙස පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අඟුරුවාතොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන එම පුද්ගලයාගේ නිවසට ගොස් තිබුණා.
එහිදී එම සැකකරු කතුරක් වැනි තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සහ කර ඇති අතර එය වැලැක්වීමට යාමේදී සැකකරු අදාල තියුණු ආයුධයෙන් තමාටම තුවාල සිදුකරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
සැකකරු මේ වන විට හොරණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මියගිය කාන්තාවගේ සැමියාගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා බවයි පොලිසිය සඳහන් කළේ.



