බුලත්ගම ඝාතනයක්

Share

ඊයේ (23) රාත්‍රීයේ බලංගොඩ පොලිස් වසමේ බුලත්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් සහ පොල්ලකින් පහරදීමක් සිදුකර ඇති අතර, පහරකෑමට ලක්වු පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතන සැකකරු ඊයේ සවස මරණකරු සමග ආරවුලක් ඇති කරගෙන ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් මැදිහත්ව එය සමතයකට පත්කර තිබුණා.

පසුව සැකකරු සහ ඔහුගේ පුත්‍රයා නැවතත් මරණකරු සිටි ස්ථානයට පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

එහිදි සැකකරුගේ ඥාතීන් දෙදෙනෙකු ද එම ගැටුමට සම්බන්ධ වී ඇති අතර, එහිදි සැකකරු විසින් මරණකරුට තියුණු ආයුධයකින් හා පොලුවලින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

බරපතළ තුවාල සහිතව පහරකෑ පුද්ගලයා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පහරදීමට පැමිණි 68 හැවිරිදි එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කළේ.

ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ පුත්‍රයා සහ තවත් සැකකරුවෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News