තංගල්ලේ තවත් ඝාතනයක්

Share

අද (24) අලුයම තංගල්ල පොලිස් වසමේ කුඩාවැල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පිරිමි පුද්ගලයෙකුට සහ කාන්තාවකට පහරදීමක් සිදුකර තිබෙනවා.

පහරදීමෙන් තුවාල ලැබු යුවළ රෝහල් ගත කිරීමේ දී පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මරුණකරුගේ පුතා සමග ඊයේ රාත්‍රියේ ආරවුලක් ඇති කරගෙන ඇති අතර, සැකකරු නැවත මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ පියාට සහ මවට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

තුවාලකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරු කර යවා ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News