ඊයේ (23) උදෑසන කාලයේ ගල්කිරියාගම පොලිස් වසමේ නෙල්ලියගම ප්රදේශයේ දී කොළඹ සිට මඩකලපුව දෙසට ධාවනය වූ දුම්රියක ගැටී කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 63 ක් වූ නෙල්ලියගම, පලාගල ප්රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
මෘත ශරීරය මේ වන විට දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.