ප්‍රමාණවත් ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
අමාත්‍යවරයා පවසන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 133,936ක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 6,192ක් පවතින බවයි.
එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,402 ක් පවතින බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,367ක් පවතින බව අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබෙනවා.
මිට අමතරව ගුවන් යානා ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 30,173ක් ඇති බව එම නිවේදනයේ සඳහන්.




