පාකිස්ථානට එරෙහිව ගාල්ලේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 166ක් රැස්කර සිටිය දී සියලුදෙනා දැවී ගියා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 57 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමගයි.
දිනේෂ් චන්දිමාල් ළකුණු 4ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 24ක් රැස්කරගැනීමට සමත්වුණා.