එල්ටීටීඊ සාමාජිකයින්ට විතරක් නෙවෙයි ‘රණවිරුවන්ටත්’ සමාව ලබාදිය යුතුයි -නාමල් රාජපක්ෂ

Share

මහ බැංකු බෝම්බයෙන් ජිවිත නැතිකළ එල්ටීටීඊ සාමාජිකයෙකුට ජනාධිපති සමාව ලබා දුන් ආකාරයටම චෝදනා ලබාසිටින රණවිරුවන්ටත් ජනාධිපති සමාව දිය යුතුබව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ මාධ්‍වේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

“මම දැක්කා ජනාධිපතිතුමන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට ජනාධිපති සමාව ලබාදෙනවා.

මමත් ඔය එල්ටීටීඊ සැකකරුවන් එක්ක මැගසින් බන්ධනාගාරයේ හිටියා.ඒ මම බන්ධනාගාර ගත වෙලා ඉන්නකොට.
ක්‍රමානුකූලව ඒ අයට ජනාධිපති සමාව දීලා හෝ මේ අවුරුදු 15ක් 20ක් රිමාන්ඩ් බන්ධනාගාරෙ ඉන්න අයව නිදහස් කරන එකේ ගැටළුවක් නෑ අනිත් පැත්තෙන් රණවිරුවොත් යම් චෝදනාවන්ට ලක් වෙලා වැරදිකරුවන් වෙලා තියෙනවා.

ජනාධිපතිවරයා මේ අයටත් ජනාධිපති සමාව දෙනවානම් ඒක තමයි මේ වෙලාවෙ වියයුත්තෙ කියලා මම විශ්වාස කරනවා.මොකද මේ පරිච්ඡේදය අපි වහන්න ඕනෙ.ඒක වහනවනම් එල්ටීටීඊ ත්‍රස්තවාදීනට පමණක් සීමාවෙලා බෑ.රණවිරුවන්ටත් චෝදනාවක් තියෙනවානම් ඒ රණවිරුවන්ටත් ජනාධිපති සමාවදීලා මේ පරිච්ඡේදය අවසන් කරන්න ඕනෙ කියන එක මගේ විශ්වාසය.”

Read more

Local News