මාවනැල්ල පොලිස් වසමේ කෝන්දෙනිය ප්‍රදේශයේ පිහිටි බෝඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඊයේ (30) දින බෝඇල්ලේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් පුද්ගලයෙක් මෙසේ දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 23 ක් වූ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා මිතුරන් කිහිපදෙනෙකු සමඟ ඇල්ලේ දිය නෑමට ගොස් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.