ලංකාව හා ජපානය අධ්‍යාපනය පුළුල් කරගැනීමට සාකච්ඡා

Share

ශ්‍රී ලංකා හා ජපාන දෙරටෙහි වෘත්තීය අධ්‍යාපන සහයෝගීතාව වඩාත් පුළුල් හා සවිමත් කරගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සමග ජපාන රාජ්‍ය අමාත්‍ය ෆුජිමරු සතෝෂි අතර සාකච්ඡාවක් මෙරට ජපාන තානාපති මිෂු කොෂි හිදේකිගේ ද සහභාගීත්වයෙන් අද (31) පැවැත්වුණා.

මෙහි දී අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ ප්‍රශස්ත මට්ටමේ වෘත්තීය පුහුණු අවස්ථා සහිත ජපන් අධ්‍යාපන ක්‍රමවේද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලියට අනුරූප ව අදාළ කරගැනීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බවයි.

ජපන් ටෙක් ආයතනය හරහා මෙරට තරුණ ශ්‍රමිකයන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීමටත් ජපන් භාෂාව උගන්වන ගුරුවරුන් විධිමත් ලෙස පුහුණු කිරීමට අවශ්‍ය සහාය ලබාදීමටත් මෙහි දී ජපන් නියෝජිතයන් එකඟතාව පළ කර තිබෙනවා.

Read more

Local News