ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේ තවත් තරග දෙකක් අද (01) පැවැත්වීමට නියමිතයි.
එක් තරගයක් අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ජැෆ්නා කිංග්ස් සහ දඹුල්ල අව්රා කණ්ඩායම
සමග පැවැත්වේ.
අනෙක් තරගය බී-ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නිල රූපවාහිනී සහ ගුවන් විදුලි සහකරු ලෙස සියත ටී.වී. සහ සියත එෆ්.එම්. අප මාධ්‍ය ආයතනය කටයුතු කරනු ලබන අතර සියත ඔස්සේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ සියලු තොරතුරු සහ විශේෂ අවස්ථා ඔබට දැන ගැනීමේ අවස්ථාව උදා වනවා.