අපට අවශ්‍යව ඇත්තේ රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ඕනෑ කමක් වුවත් සමහරුන්ට ඇත්තේ ඩොලර්වලට නෑ කමක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළා.
ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.
“ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොදු එකගතාවෙන් ඉදිරිපත් වෙනවා. විපක්ෂව ඉන්න බොහෝ දෙනාත්, දේශපාලනය අමතක කරලා කැමැත්ත පළ කරලා තියෙනවා. “