77වන බ්‍රැඩ්බි ශූරතාව කොළඹ රාජකීය විදුහලට

Share

77වන බ්‍රැඩ්බි පළිහ රග්බි ශූරතාව කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම දිනා ගත්තා.

රාජකීයයන් බ්‍රැඩ්බි පළිහ දිනූ 36 වැනි අවස්ථාව මෙය වනවා.

අදියර දෙකකින් සමන්විත තරගයේ මහනුවරදී පැවැති තරගය ජය ගත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි.

එහි දෙවැනි අදියර කොළඹ දී පැවති අතර කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම එය ජය ගත්තා.

ඒ අනුව ලකුණු 37ට 30ක් ලෙස සමස්ත ශූරතාව දිනාගැනීමට රාජකීය විදුහල් කණ්ඩායම සමත් වුණා.

77වන බ්‍රැඩ්බි පළිහ රග්බි තරගයේ දෙවන තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා.

Read more

Local News