අධික උෂ්ණත්වය නිසා කම්පන ඇතිවීමේ අවධානමක්

Share

දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග පුද්ගලයින්ට විවිධ සංකූලතා ඇතිවීමේ අවධානමක් මතුව තිබෙනවා.

අධික උණුසුම නිසා මිනිස් ශරීරය තුළ විජලන තත්ත්වයන් පවා ඇතිවිය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

කුඩා දරුවන්ට ද මෙම දැඩි උෂ්ණත්වය විශාල බලපෑමක් එල්ල කරමින් තිබෙනවා.

අධික උෂ්ණත්වය නිසා වැඩිහිටියන් සහ කුඩා දරුවන්ට පසු කම්පන තත්ත්වයන් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

හැකිතාක් ජලය පානය කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Read more

Local News