කැස්බෑව පොලිස් වසමේ කහපොල වත්ත ප්රදේශයේ බොල්ගොඩ ගඟේ ඊයේ (06) කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 71 ක් වූ බටුවන්දර, මඩපාත ප්රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව නිවැසියන් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් බොල්ගොඩ ගඟට පැන සියදිවි හානි කර ගෙන ඇති බවයි විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



