නිවසකට අයුතු ලෙස ඇතුල් වී කාන්තාවන් දෙදෙනෙකුට කඩු හා යකඩ කම්බිවලින් පහර දී තුවාල සිදුකර නිවසේ දේපලවලට අලාභ හානි කර රන් මාල 02ක්, රන් පෙන්ඩන් 02ක් හා මුදල් රුපියල් 12,500/- ක් කොල්ලකෑමක් සම්බන්දයෙන් තොරතුරු සිදම්බරපුරම් පොලිස් ස්ථානයට වාර්තා වී තිබෙනවා.
එම සිද්ධියට අදාල සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 හා 20 වයස්වල පසුවන ආච්චිපුරම්, වව්නියාව ප්රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් සිදම්බරපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



