කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව එළවළු ප්‍රභේද දෙකක්, බිම්මල් නව ප්‍රභේදයක් හා සෝයාවලින් නිෂ්පාදිත ප්‍රෝටීන් බහුල සෝයා යෝගට් හදුන්වා දී තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර වෙළෙදපොළට උචිත මෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගත හැකි තක්කාලි හා බෝංචි ප්රභේදයන් දෙකක් හා නව බිම්මල් ප්‍රභේදයක් ද හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ඌණ පෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් නංවාලිය හැකි ප්‍රෝටීන් බහුල සෝයාවලින් නිෂ්පාදිත යෝගට් විශේෂයෙක් ද එම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායම නිපදවා තිබෙනවා.
මෙම නව හදුන්වාදීම ජනගත කිරීම පසුගියදා ගන්නෝරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා.



