රක්ෂිත ප්‍රදේශයක ගින්නක්

Share

හඟුරන්කෙත පොලිස් වසමේ අධිකාරීගම රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (07) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් අක්කර 05 ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ජීවිත හානි හා දේපල හානි කිසිවක් වාර්තා වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News