කඳාන පොලිස් වසමේ දැව තොටුපල පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථානයකට අයත් ගබඩාවක අද (08) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වූ කඳාන පොලිසිය විසින් ගම්පහ සහ මීගමුව ගිනි නිවන ඒකක හා නාවික හමුදා ගිනි නිවීමේ ඒකකයේ සහය ඇතිව ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ගිනි ගැනිම සිදුවන අවස්ථාවේ එම ආයතනයේ ගණකාධිකාරිවරයා ගබඩාව තුල සිට ඇති අතර ගින්නට හසුවීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 50ක් වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.