මාස දෙකට මිලියන 22ක යකඩ හොරකමක් ගැන CID යට පැමිණිලි (VIDEO)

Share

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ මිලියන 22ක යකඩ සොරකමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති නීතීඥ ගාමිණී ඒකනායකයි.

මෙම යකඩ සොරකමට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් වගකිව යුතු බවට හිටපු සභාපතිවරයා චෝදනා කරනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් පැවසුවේ වරදක් කර ඇත්නම් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News