ගුරු උපදේශක, අධ්‍යාපන පරිපාලන පුරප්පාඩු පිරවීම ඉදිරි මාස 2ක ඇතුලත

Share

ගුරු උපදේශක, අධ්‍යාපන පරිපාලන, විදුහල්පති පුරප්පාඩු ඉදිරි මාස දෙක ඇතුළත පිරවිය හැකි බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගුරුවරු 26,000ක් සඳහා තවත් පුරප්පාඩු පවතින බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින අතුරු තහනම් නියෝගය ඉවත් කළේ නම් ඒ සඳහා නව ගුරුවරු බඳවා ගැනීමට හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අධ්‍යාපන පරිපාලන සේවයේ ද පුරප්පාඩු 900ක් පවතින බවත්, ලබන වසරේ එම විභාගය පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

පළාත් සභා මගින් නවක උපාධිධාරින් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 980ක් තිබෙනවා. පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු 32613ක් තිබෙනවා. මුළු පුරප්පාඩු ගණන 33,534ක්. පසුගියදා විද්‍යාපීඨවලින් පිටවූ ගුරුවරු 7342කට නව පත් වීම් ලබා දුන්නා”

Read more

Local News