ජලය භාවිත කිරීම ගැන නිවේදනයක්

Share

අත්‍යාවශ්‍ය හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන්ට ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවයි.

වාහන සේදීම සහ ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිත කිරීම අවම කරන ලෙසද ඔවුන් දැනුම් දෙනවා.

Read more

Local News