යතුරුපැදි සොරකම් කර එහි පැහැය සහ හැඩය වෙනස් කරමින් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බටපොල පොලීසිය සිදුකළ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (15) බලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.