වැවිලි කර්මාන්තයට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති

Share

තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ 129වන වාර්ෂික මහා සම්මේලනය අමතමිනුයි.

මෙරට ආර්ථිකය තුළ පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට තවමත් තේ කර්මාන්තයට ශක්තිය තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්ෂේත්‍රයේ ගැටලු හඳුනාගනිමින් නව්‍යකරණය සමඟ එහි පරිවර්තනයකට සූදානම් විය යුතු බවත් පැවසුවා.

Read more

Local News