වේගය පාලනය කර ගත නොහැකිවූ යතුරුපැදි අනතුරින් එක් අයෙක් මරුට

Share

අලව්ව ගිරිඋල්ල මාර්ගයේ අඩවි වන කාර්යාලය ඉදිරිපිට දී අලව්ව දෙස සිට ගිරිඋල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසු පැදිකරු අලව්ව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේ දී පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 32 ක් වූ අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News