පාසල් සිසුවෙක්ට දිවි අහිමි කළ මාරක අනතුර

මානිප්පායි පොලිස් වසමේ සංදිලිප්පායි හින්දු විද්‍යාලය අසල දී යතුරු පැදියක් මාර්ගයේ දකුණට හැරවීමට යාමේ දී පසු පසින් පැමිණි යතුරු පැදියක ගැටී පසුපස යතුරු පැදියේ පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් එම යතුරු පැදිකරු බරපතල තුවාල ලබා චංකානි ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 19 ක් වූ සිලාලෙයි ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

Previous articleපොලිස් රාජකාරියට බාධාකල 2ක් අත්අඩංගුවට
Next articleහෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට