මත්පැන් බලපත්‍ර හා ව්‍යාජ මත්පැන් ස්ටිකර් පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය

මත්පැන් බලපත්‍ර ලබාදීම සහ ව්‍යාජ මත්පැන් ස්ටිකර් පිළිබඳව දැඩි ආන්දෝලනයක් රට තුළ මතුව තිබෙනවා.

අද මෙම ගැටලුව පාර්ලිමේන්තුවට ද පැමිණියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසි හතේ දෙක යටතේ අදාළ ගැටලුව පිළිබඳ යොමු කළ පැනයකට පිළිතුරු ලබා දුන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියයි.

එහිදී ඔහු පවසා සිටියේ ව්‍යාජ ස්ටිකර් සහිත තහවුරු කරගත් මත්පැන් බෝතල් සඳහා රුපියල් කෝටි 05 කට අධික දඩ මුදලක් නියම කර ඇති බවයි.

Previous articleමෙක්සිකෝව පුරා ගබ්සාව තහනම් කරයි
Next articleඊශ්‍රායලය කෘත්‍රිම කළලයක් නිර්මාණය කරයි