ශ්‍රී ලංකාවට ලකුණු 21 ක ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දි කඩුලු 9ක් දැවි ලකුණු 257ක් රැස් කිරීමට සමත්වුණා.

ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලදේශ කණ්ඩායමට පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණි.