මුහුදට ගිය ඩර්නා නගරය(VIDEO)

Share

නැගෙනහිර ලිබියාවට බලපා ඇති ඩැනියල් සුළි කුණාටුව හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ගංවතුරින් පුද්ගලයින් 2000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වුවන්ගේ සංඛ්‍යාව 6000කට ආසන්නයි.

ගංවතුර තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඩර්නා නගරයටයි.

ලිබියානු ජාතික හමුදා ප්‍රකාශක අහමඩ් මිස්මරි පවසා ඇත්තේ ඩර්නා නගරය මුළුමනින්ම මුහුදට ගසාගෙන ගිය බවයි.

මේ හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අතුරුදන් වුවන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News