පදික මාරුවක අනතුරක් – එක් අයෙක් මරුට

Share

හොරණ පොලිස් වසමේ හොරණ රත්නපුර මාර්ගයේ ගුරුගොඩ ප්‍රදේශයේ දී මාර්ගය හරහා පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙකු හඳුනා නොගත් වාහනයක ගැටී ඊයේ (13) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරට ලක්වූ පුද්ගලයා බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 47ක් වන ගුරුගොඩ, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට සම්බන්ධ පලා ගිය වාහනය සහ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News