ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

Share

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් වුණා.

ඒ 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය කඩුලු 2 කින් ජය ගැනීමත් සමඟින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පන්දුවාර 42 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 252 ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේ දී කඩුලු 8 ක් දැවී සිටිය දී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව ඉන්දියාව සමඟින් ශ්‍රී ලංකාව ලබන 17 වනදා 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේදී තරග වැදීමට නියමිතයි.

Read more

Local News