සුඩානයේ කාර්ටූම්හි උසම ගොඩනැගිල්ල ගිනි ගනී

සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් කාර්ටුම් අගනුවර විශාලතම ගොඩනැගිල්ල ඇතුලු තවත් ගොඩනැගිලි රැසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

මෙසේ ගිනිගෙන විනාශ වී ඇත්තේ ග්‍රේටර් නයිල් පෙට්‍රෝලියම් තෙල් සමාගමට අයත් කුළුණකුයි.

ඉන් සිදු වූ ජීවිත හානි පිලිබඳ මෙතක් වාර්තා වී නැහැ.

සුඩාන හමුදාව සහ RSF සටන් කණ්ඩායම් අතර ගැටුම් ආරම්භ වුණේ පසුගිය අප්‍රේල් 15 වනදායි.

එහෙදී කාර්ටුම් ඇතුලු නගර රැසකට ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර එල්ල වුණා.

ඒ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් රට හැර ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.