තුවාල ලැබූ යුක්‍රේන සොල්දාදුවන්ට සෙලෙන්ස්කිගෙන් සම්මාන

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 566 යි.

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී පැවැත්වෙනවා.

ඊට සහභාගී වීම සඳහා යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සහ ආර්යා ඔලේනා සෙලෙන්ස්කා වොෂින්ටනය වෙත පැමිණ තිබෙනවා.

ඔහු ප්‍රථමයෙන්ම එරට ස්ටැටන් අයිලන්ඩ් විශ්වවිද්‍යාල රෝහල වෙත ගොස් තිබෙනවා.

ඒ තුවාල ලැබූ යුක්‍රේන සොල්දාදුවන් හමුවීම සඳහායි.

එහිදී ඔහු එම සොල්දාදුවන්ට අතට අත දී සම්මාන පුද කර තිබෙනවා.

එසේම හෙට දිනයේ දී නිව්යෝර්ක්හි දී සෙලෙන්ස්කි බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන් අනතුරුව බ්‍රහස්පතින්දා ධවල මන්ධිරයේ දී ජනාධිපති ජෝ බයිඩන් ද හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.