රුසියාවේ නිරුවත් ආක්‍රමණය ගැන කියන ජෝ බයිඩ්න්(VIDEO)

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 567 යි.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය ඇමතුවා.

එහිදී ඔහු රුසියාවට චෝදනා කළේ ගෝලීය ආහාර සහ බලශක්ති අර්බුදය රුසියාව “ආයුධයක්” ලෙස භාවිතා කරන බවයි.

තවද යුක්‍රේන දරුවන් බොහෝ සංඛාවක් පැහැරගෙන ගොස් තම රටට වෛර කිරීමට ඔවුන්ට උගන්වා ඇති බව සෙලෙන්ස්කි පවසනවා.

තවද දෙරට අතර ඇති යුධ ගැටුමේ දී රුසියාව පරාජය කිරීමට නම් සියලු රටවල් එක්සත්ව ක්‍රියා කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය ඇමතුවා.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා මෙම යුධ ගැටුම හඳුන්වා ඇත්තේ “රුසියාවේ නිරුවත් ආක්‍රමණය” ලෙසයි.

අපි රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ඉඩ ලබා දෙන්නේ නම් අනෙක් ජාතීන්ගේ ස්වාධීනත්වය ආරක්‍ෂිත ද යන්න ජනාධිපතිවරයා ප්‍රශ්න කර තිබෙනවා.

එම නිසා සියල්ලන් ම එකතු වී රුසියාවේ මෙම “නිරුවත්” ආක්‍රමණයට එරෙහිව නැගී සිටිය යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

තවද එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සියල්ල එකතු වී යුක්‍රේනයට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ද සැසිවාරය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඉල්ලීමක් ද කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News