නැගෙනහිර යුක්‍රේනයට රුසියාවෙන් ප්‍රහාර(VIDEO)

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල සැසිවාරය මේ දිනවල නිව්යෝර්ක්හිදී පැවැත්වෙනවා.

එහිදී අදහස් දැක්වූ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පැවසුවේ ගෝලීය අහාර සහ බලශක්ති අර්බුධය රුසියාව ආයුධයක් ලෙස භාවිතා කරන බවයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම යුධ ගැටුම රුසියාවේ නිරුවත් ආක්‍රමණයක් ලෙස හැඳින්වුවා.

මෙම චෝදනා සියල්ලටම පිළිතුරු ලබා දෙමින් රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇත්තේ ගෝලීය ගැටුම් ඉහළ යාමට හේතුව අමෙරිකාව ප්‍රමුඛ බටහිර බවයි.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පැරණි සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසු යුක්‍රේන දේශපාලනයට මැදිහත් වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleවන අලි පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Next articleමාරක රිය අනතුරු දෙකක් – දෙදෙනෙක් මරුට