යුක්‍රේනය ආරක්ෂකයින්ගේ දිනය සමරයි(VIDEO)

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 579 යි.

වාග්නර් කුලී හමුදාවේ නායක ප්‍රිගොෂින් ඇතුළු එහි සිටි පුද්ගලයින් 10 දෙනා මිය ගොස් දින 40ක් ගෙවී අවසන්.

ඔවුන්ගේ ස්මාරකවලට වාග්නර් සටන්කාමීන් සහ ජනතාව පැමිණ ගෞරවය පුද කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර යුක්‍රේනය සිය ආරක්ෂකන්ගේ දිනය සමරා තිබෙනවා.

එය සමරා ඇත්තේ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගේ ප්‍රධානත්වයෙනුයි.

එම අවස්ථාවට යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් එක්ව සිටියා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleරටේ දේශපාලනය ගැන දරුවනුත් දැනුවත් විය යුතුයි – සජිත් කියයි(VIDEO)
Next articleජනපති රනිල් මුළු ලෝකයම රවටමින් සිටිනවා – අනුර කියයි(VIDEO)