දකුණු අප්‍රිකාවට ලකුණු 102 ක ජයක්

Share

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායමට අතර මූලික වටයේ සිව්වන තරගය ලකුණු 102 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 326 ක් පමණයි.

Read more

Local News