ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වැනි තරගය වන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරඟය අද (16) ලක්නව් හිදී පැවැත්වුණා.
මෙහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
පන්දුවාර 43යි පන්දු 3කදී සියලු දෙනා දෙනා දැවි ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 209 පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2කදී ලකුණු 215ක් ලබා ගත්තා.
ඒ අනුව අද ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක ජයක් වාර්තා කළා.



