ශ්‍රී ලංකාවට කඩුලු 8 ක ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති මූලික වටයේ 25 වන තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 33 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 26 වන පන්දුවාරය තුල කඩුලු 2 ක් දැවී සිටිය දී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

Previous articleපාසල් නිවාඩු ගැන දැනුම්දීමක්
Next articleසවස් කාලයේ තද වැසි