භූතාන පාර්ලිමේන්තුව විසුරුවා හරී

භූතාන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

භූතාන් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් දින 15ක් ඇතුළත භූතානයේ රජු ප්‍රධාන උපදේශකයෙකු ඇතුළු උපදේශක මඩුල්ලක් පත් කළ යුතු වෙනවා.

අනතුරුව දින 90ක කාලයක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුවට සභිකයින් තෝරාගත යුතුයි.

උපදේශන කමිටුව හෙවත් භාරකාර රජයේ ප්‍රධාන උපදේශකයා ලෙස එරට අග්‍ර විනිශ්චයකාරවරයාව පත් කිරීමද භූතානයේ සාමාන්‍ය සිරිතක් වනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleදුම්රිය රියදුරු හිඟය නිසා ප්‍රමාද වන දුම්රිය(VIDEO)
Next articleඅදත් පළාත් කිහිපයකට වැසි